My Dear Sky

 



මහ පොළොවේ වැතිර 

තරු පිරි අහස බලමි 

අහසට යමක් පවසමි 

 නොබලන්න ඔය ලෙස මෙ මා දෙස 

මම ඇයි නැත්තේ ඔය වලාකුළු තුරුලේ 

අහස, මේක පිළිගන්න...

 නුඹට බැහැ  මාව දරාගන්න 

සීරුවෙන් ඒ සත්‍යයේ අසීරුව පිළිගන්න 

තරු එළියකින් හඳ  පලුවකින් 

ජීවිතය දන්  දෙන්න 

අහස මට මෙතන

 වැතිරෙන්න ඉඩ දෙන්න 

මම යන්නේ මෙතනිනුන් 

අඩි හයක් පහළට 

රෑ  අහස පෙනෙන නෑ  

ඉතින් ඒ දවසට 

අහස 

හදවතේ බර දැනුණු තැනින් මට කියන්න 

එතන කළු වලාවෙන්

වැහි කඳුළු හලන්න 

අහස පිළිගන්න 

නුඹට බැහැ මාව දරන්න 

ඉතින් මට තෙමෙන්න 

තරු හංගගන්න 

වහින්න 

වහින්න 

වහින්න 


deshanianjaliherath






Comments

Popular Posts