වෙහෙසකර කාර්තුව | The Most Tired Season
වියැළුනු පරඬලා පත් දෙකක් ව
මිටියාවතට වැටෙමු
ඉරැස දරා ගමු
අහස බලා ඉමු
වෙහෙසකර සුසුම් හැම
මරණීය දණ්ඩනයෙන් නිදහස් කරමු
කෙමෙන් හුස්ම ගමු...
සෙමෙන් ගැලවෙන වියළි පත්‍රයිනට
රිදෙන මුත් යන්න දෙමු..
සුළං නද මැද්දෙන්
බලාගෙන මුහුණට මුහුණ
කැමතිම ගීය කොඳුරමු....
හීනියට සිනහසෙමු ...
නිසැකවම මල් පිපෙන
නිසැකවම කොළ සලන
එවන් සෘතුන් ගැන
පරම විශ්වාසයෙන් ඉමු
එවන් සෘතුන් ගැන...
එහෙත්
ශෝකයේ සෘතුව
හතිලවන සෘතුව
සුසුම් ලන සෘතුව
ගල් ගැසෙන සෘතුව
ඉතින් අපි පසු කරමු
ඉරැස දරා ගමු
අහස බලා ඉමු
වෙහෙසකර සුසුම් හැම
මරණීය දණ්ඩනයෙන් නිදහස් කරමු
කෙමෙන් හුස්ම ගමු...
සෙමෙන් ගැලවෙන වියළි පත්‍රයිනට
රිදෙන මුත් යන්න දෙමු..
සුළං නද මැද්දෙන්
බලාගෙන මුහුණට මුහුණ
කැමතිම ගීය කොඳුරමු....
හීනියට සිනහසෙමු ...
නිසැකවම මල් පිපෙන
නිසැකවම කොළ සලන
එවන් සෘතුන් ගැන
පරම විශ්වාසයෙන් ඉමු
එවන් සෘතුන් ගැන...
එහෙත්
ශෝකයේ සෘතුව
හතිලවන සෘතුව
සුසුම් ලන සෘතුව
ගල් ගැසෙන සෘතුව
ඉතින් අපි පසු කරමු
deshanianjaliherath
Comments
Post a Comment