අලුයම් කෙටුම් | Morning Notes
මත් වෙලා මත වෙච්ච පොත් රැගෙන
හිත් වෙලාගෙන බිඳක් ඇහැරෙමුද
රත් වෙච්ච හදවතේ දියර ගෙන
දුක් කතා සුඟ පෙරාගෙන ගමුද
දුක් කතා සුඟ පෙරා ගත් සැනින
දවසකට ඉතිරි වූ සතුටකිය
ඒ බින්දුවෙන් සින්දුවක් ලියමු
ලස්සනම තනුවකට හිත් පිපෙන
චෝපින් නුඹ දන්නෙ නැහැ ඒ තනුව
රොන් බින්දුවකි මලක රේණු අග
ඉදින් මේ රූප පෙළගස්වන්න
ටාකොවුස්කි උත්තානය වන්න..
ලස්සනම සිතුවමක පන ගැහෙන
මිනිස් දෙබලකිය අප මත් වෙච්ච
රහස් හද නහරයක ලියාගන
අහස් ගව්වට එහා තරු නිවන
කුන්දෙරා හුස්ම ටික යළි බොන්න
මේ මෙලන්කොලියාව විඳගන්න
වචන වල හුස්ම පොද තවරන්න
අපේ හදවත් වලට කවි දෙන්න
හදවතින් කුරුට්ටක් ලියන එක
බඩ හෝදගනු වගෙයි වදාගෙන
ආත්මය සන්සනේ අපි එහෙම
රත් කරන් පිපුණු කවි හුමාලෙට
හිම මිදුණු ග්‍රහලොවක තනි වෙච්ච
හීතලද ඒ තරම් ජීවිතය?
හිටි ගමන් ගිම් කලෙක වැසි වැටෙන
එය අරුමයකි අප ද පුදුම වුණ
සිසිරයේ ඉතිරි වුණු තුහිනයක්
වසන්තේ අග්ගිස්ස සිඹින විට
ගිම් කලට හැඬේන එක බොරුවක්ද
අවාරේ වැසි ඇයිද නොඅසන්න..
deshanianjaliherath
Comments
Post a Comment