මිනිස් මන්දාකිණි | Human Galaxies
තරුවක් කියන්නෙම
මහ පොළොවෙන් එල්ල වෙන
ඇස් එළියකට අහුවෙන්න බලාගෙන ඉන්න
අහිංසක එළියක්
ඉතින් ඒ තරු වලට
අහස බලන හැම දෑසක් ම
තරු යුගලක්
විටෙක මහ කෝපයෙන් ඇවිලෙනා රළු ඇස්
තව විටෙක සොම්නසම වෙලා ගත් මුදු ඇස්
තුටු සිනා බර හැඟුම් ගලා ගිය පෙම් ඇස්
වැඩිමනක් හුදෙකලා පාළුවේ දුක් ඇස්
තරු කැමති දකින්නට මහ පොළොවේ ඒ ඇස්
මදු බඳුන් තෙමා දුන් ඉදිමිච්ච මත් ඇස්
ඉදින් මේ මිනිස් මන්දාකිණි
දකිමින් තරු පොකුරු හැම රෑ
ප්‍රාර්ථනයක් කලා දවසට එකක් ගානේ නොවරදව
කුමක් ද ඒ?
කඩා වැටෙන විට දවසක පොළොවට
අහම්බෙන් හරි අහුවෙන්න
එවන් ඇසකට
deshanianjaliherath
Comments
Post a Comment