හදවත ගර්භය | The Heart Womb
දිය බිඳත්
දියව යන
තැන් ඇත ..
එවන් තැනකින් මගේ කුසයේ
පිළිසිඳිය කළලයක් නුඹ
නව මසක් නොව වසර සිය දහසක් දරාගෙන
හදවත ගර්භයේ රකිමි මම
රිදුම් ඉඳ හිට දැනෙන මොහොතක
අත තබා බලමි..
මොකද ඔය හැටි දාංගලයක්...?
නැවත සන්සුන් ය ඔබ අසන විට එය
පාවී පාවී හදවත ගර්භය තුල
නුඹට ඇසෙන්නට අසන ගීයක
සියුම් තාලය දැනුනු බව
සුසුමකින් නුඹ මට එවන පණිවුඩයෙ
ස්කෑන් සටහන බලමි
හරි ලස්සනයි.. නුඹ
deshanianjaliherath
Comments
Post a Comment