සිතුවම් මළගම | The Funeral Of Paintings




වෙන්ව යන අවසාන තත්පර දිගු කරන 
මායාවක සොඳුරු පරිච්ඡේදයක් 

ආත්මීය නිවුන් තුරු කතාවක 
බැසගත් මුල් 
පොලොව අඳුරෙහි සිපගන්නා තත්පරක් 
 
කලකදී එම මිටියාවතෙහිම 
තවත්  තැනෙකින් මෝදු වන 
අහිංසක ළදරු පැලයක්
 
ඉදින් ඒ ඈ සිතුවම් කල 
සිතුවම් පෙලකින් කිහිපයක්........
දැන් ඒ සිතුවම්  
කාලයේ දුහුවිල වසාගෙන 
පිළිකාවක් ලෙසින් තදට  
අවර්ණිත දුහුලි පැහැයෙන් අහු මුළු වල නිද්‍රාගතව සිටිණු 
සිතුවමක පොඩි මලක් වත් වන්නට වරම් නොලද 
ගල් ගැසුණු සායම් බඳුන්වළමියැදුණු 
හරි හැටි වෙහෙසුණු පින්සල් 
සී  සී  කඩ මැරී වැටුණු 
අපැහැදිලි සිතුවම් අතර 
පැහදිලි ඉතිහාසයක නෂ්ටාවශේෂ ඉහිරුණු....
තමන් ඇඳි සිතුවම් සමඟ 
මිය යා යුතුමය සිත්තරුන්.....
නොඑසේ නම් හදවතක් කැන්වසයක ඉහිරූ 
මතක සිතුවම් මළගම 
දරාගන්නට නොහැක උන් හට 
ඉරාගන්නට සිතෙයි හදවත 
..
නිමක් නොමැති සෝ බරිත කල්පනාවේ
සිටිනු වුව සිත්තරිය  
 මළගමට පැමිණි කෙනෙකු ඇයගෙන්...
" ඇඳල  දෙනවද මට මාව?



 deshanianjaliherath

 










Comments

Post a Comment

Popular Posts