ඉගිළෙන මල් | Flying Flowers
ඉගිළ යන බමර සමනලුන් දැක දැක
උත්පත්තියෙන් තටු අහිමි මල
පෙති එකින් එක පරව යන තුරු ගසටම
බලන් සිටිනවා කාලයක්
හමන සුළඟට පියාඹන්නට..
පෙති හැලී මල පිටින්
පියඹා ගිය පසු
තනි වෙන නටුවත් මලේම කොටසක් බව
නටුවටත් අමතකව ගිය කල
හැර දමා නොගිය එකම එක පෙත්තක් සමග
නටුව බලා සිටියා
හිස් අහස
ඉතින් එතකොට මොකක් වෙනවද
එක් පෙති මලකට?
Comments
Post a Comment