විමුක්තිය | The Emancipation
පොතක් අතින් ගෙන හිඳගත්
ඉරිදා සන්ධ්‍යාවක
ඇයි මටම? ඇයි මම ම?
කියා සිතූ යමක්
දොස්තොවුස්කිටත් වී ඇති බව දැනගත් මොහොත
මට තවම මතකය ..
වර්ෂා හිරිකඩ
ජනෙල් පියනේ වැඳ වැටෙන විට
පවනක් අසා නන්දා මම නුඹෙන්
හිත රිදවාගත් වාර අනන්තය..
සැනසුම වූයේ එතැනය...
පරම විමුක්තිය වූයේ එතැනය..
"එවිට මම ජීවත් වුවත් මිය ගියත්
වාසනාවන්ත මැස්සෙක් මි.."
ඇට මැස්සෙකුගෙන් මා ලද
ජීවිත සැනසුම එය ය..
පවනෙන් ආරම්භව සේකර ගෙන් අවසාන වන
ජීවිත අස්වැසිල්ලක මහා කූටප්‍රාප්තිය
" යුගයෙන් යුගයට හදවත් පුරවන
අඳුරු වේදනා කැටිය ඇයයි...."
deshanianjaliherath
ඉරිදා සන්ධ්‍යාවක
ඇයි මටම? ඇයි මම ම?
කියා සිතූ යමක්
දොස්තොවුස්කිටත් වී ඇති බව දැනගත් මොහොත
මට තවම මතකය ..
වර්ෂා හිරිකඩ
ජනෙල් පියනේ වැඳ වැටෙන විට
පවනක් අසා නන්දා මම නුඹෙන්
හිත රිදවාගත් වාර අනන්තය..
සැනසුම වූයේ එතැනය...
පරම විමුක්තිය වූයේ එතැනය..
"එවිට මම ජීවත් වුවත් මිය ගියත්
වාසනාවන්ත මැස්සෙක් මි.."
ඇට මැස්සෙකුගෙන් මා ලද
ජීවිත සැනසුම එය ය..
පවනෙන් ආරම්භව සේකර ගෙන් අවසාන වන
ජීවිත අස්වැසිල්ලක මහා කූටප්‍රාප්තිය
" යුගයෙන් යුගයට හදවත් පුරවන
අඳුරු වේදනා කැටිය ඇයයි...."
deshanianjaliherath
Comments
Post a Comment