වචනයේ මරණය | Death Of The Word

 


සෑම තත්පර තිස් හයකට වරක් 

නැහැපුඩුවෙන් නුඹ හෙලන සුසුමකට 

මම නවතිමි 

කුමක්ද එය..? මම අසමි 

අන් කවරකටත් වැඩි එවන් සුසුමකට 

මම බිය වෙමි 

හදවත වදන් වෙත යමක් පවසා ඇත 

එනමුත් මුව අසල වදන් අසරණව 

නැවත හදවත කරා ගොස් ඇත 

පසු නොබසින ඉදින් ඒ හදවත 

තම ගැඹුරු පණිවුඩය 

නැවතත් සුසුමකින් මට ඒවා ඇත 

සුසුම් කියවන භාෂාව විටෙක මම දන්නෙහි ය

තව විටෙක මම 

නොදන්නෙහි ය..

"සෙවණැල්ල සහ ආත්මය අතර රහසක් ඇත 

සමහර අඳුරු දේවල් වලට ආදරය කළ යුතු නිසා 

මම ඔබට ආදරෙය කරමි"

කියවා ගත්තෙමි මම එය..

හදවත නුඹ තවදුරටත් 

මුනිවත රැකිය යුතු නැත 

මම පැරණි ගැහැනියක්..... හද බස හඳුනන 

ඉදින් 

තරු පිරි රාත්‍රියක ඝන අන්ධකාරයක වුව 

මට සාගර නිල පෙනේ 

නිසලතාවයෙන් පිරි නිහඬ අඳුරු අගාදයක වුව 

 හඬ මට ඇසේ 

වදන්  පැරදවූ ගස් ගල් අතර 

මම ද සිටියි..


deshanianjaliherath


 

 


Comments

Popular Posts