Colors to tears

මා ඇසින් උපන්නට නියමිත
මගේම කදුළු බිළිඳුන්ට
මවිසින් වර්ණ කවමි...
හිමිදිරියේ අහේතුකව ඉපදෙන්නට නියමිත කඳුළට 
නිල් වර්ණයද,
දුහුවිල්ලට ඇස් කෙවෙනි රිදවා
හැලෙන්නට නියමිත කඳුලට ගුරු වර්ණයද,
කවටකමකට උපන්නට නියමිත
කඳුළට කොළ වර්ණයද,
දවන දහවළක හිරුගේ රශ්මි කදම්බය
දරා ගනු නොහැකිව⁣ උපන්නට නියමිත කඳුළට
ලා දම් වර්ණයද යොදමි..
ඉතින් හදවත..
ඇය සැමරූ ප්රීති ප්රමෝදය මුදාලන්නට තෝරාගත් 
මගේ ඇසින් උපදින්නට නියමිත
කඳුළට මම කහ වර්ණය කවමි..
ගැබ්බර අඳුරු මේඝනාවක් දැරූ
අපමන දුක් බර මුදා හරින්නට
අහස මගේ ඇස තෝරාගත්තා වී නම්..
උපන්නට නියමිත
දුකඳුළට මම අවර්ණය කවමි...

deshanianjaliherath
 


Comments

Popular Posts