ඇත්තමයි මම මගේ හදවත ඇස් දෙකට දැක්කා
මගේම හදවතට මම ඇතුළු වූවා
අඩියක් තබන්නට කියා යම් තැනක්
එතැන තිබුණේ නැත
පලුදු වූ තැන් මැදින්
මට සිලිටු තැනක් වෙහෙසින් සෙව්වා
වියලෙන්නට තබා තිබූ සොඳුරු ඉපැරණි මතයක්
අවර්ණිතව තිබුණා
ඉඩක් තිබුණේ එතැන පමණයි
එතැන පිරිමැද යමක් ලිව්වා
ලේ බිඳිති විදුනා
ගැස්මත් ගැස්සීමත් අතර වෙනස
ඇස් දෙකෙන් දුටුවා..
ලියූ යම මැකුවා
ඇඳි වතින් කඩක් ඉරා තුවාලයෙ තැබුවා
තවත් ලේ විදුනා
ඇඳිවතින් තව කඩක් පලුද්දේ තැබුවා
තවත් ලේ විදුනා
ඇඳිවතම උනා ගෙන
පලුද්දේ තැබුවා
හරි වෙහෙසක්
කුරුළු නදක් ඇසුනා
බල්ලෙක් බිරුවා
ඉර එළියක් වැටුණා
.
.
මම ඇහැරුනා.
deshanianjaliherath
Comments
Post a Comment