Skip to main content
එවන් හදවත
දස ගුණයකින් ඉඩකඩ වැඩි හදවතක බිම් කඩ
ජීවිතය සහ ජීවත් වීම පහසු කරවයි
එහෙත් ඒ හදවත
අක්කර දස දහසක මිටියාවතක
දහසකුත් තුරු මුල් දරයි නම්
දහසකුත් විල් පොකුණු බර දර යි නම්
සියක් දහසක් වන සතුත්
වඩාගෙන රකියි නම්...
සියක් දහසක් වැසි බින්දු බොමින්
"ඉතින් මට තව හැකියි" කියයි නම්...
මහපොලොවක් ම වූ
එහෙත් ඒ හදවත..
කර්කශ ඉඩෝරකට දැවී ඉරි තලන තුරු
පුපුරා ලෝ දිය රුධිර ගලන තුරු
මහපොලොවක් ම වූ
එහෙත් ඒ හදවත..
සේකර නුඹ කිව්වා වැනි
එහෙත් ඒ හදවත
අත්ලට ගෙන බලමි මම..
මා වැඩිපුරම ලියා ඇත්තේ
එවන් හදවත ගැන ය..
Comments
Post a Comment