දරුණුතම සඟවා ගැනීම
තෘණ ගස් මුදුනත පිනි සලයි
පිනි නම් සොඳුරු හිමිදිරි සතුටකි.
එහෙත්,
පිනි යනු හිමිදිරිය අඳුරට නොපෙන්වන
කඳුලක් වනු බැරිද
නොපෙන්වන දුකඳුලක් හේ පෙනෙන පිනි බිඳක සතුට
පිනි නම් සොඳුරු හිමිදිරි සතුටකි.
එහෙත්,
පිනි යනු හිමිදිරිය අඳුරට නොපෙන්වන
කඳුලක් වනු බැරිද
නොපෙන්වන දුකඳුලක් හේ පෙනෙන පිනි බිඳක සතුට
හිරු රැසින් දිලිහෙන කුඩා විදුලි එළි වැනි
සුළඟට නළියන සතුටු පිනිබිඳු...
නික්ම යන අඳුරෙහි අවසාන සුසුම් පොදට
නික්ම යාමේ සැනසුම පුදයි
කඳුල සඟවා ගනු බැරි වූ
සමහර හිමිදිරි වැහිබරය
දවසම තෙත බරය
රාත්‍රී අඳුර
එතරම් හැඟුම් බරය...
"හෙටත් උදා වෙනවා නොවැ ඔය කියන අඳුරම?"
නැත...ආයෙත් නැත...
හෙට උදා වන්නේ වෙනස් අඳුරකි.
එවන් අඳුරින් හෙට සමුගන්නා හිමිදිරිය
වෙනස් හිමිදිරියකි
නික්ම යන අඳුරෙහි අවසාන සුසුම් පොදට
නික්ම යාමේ සැනසුම පුදයි
කඳුල සඟවා ගනු බැරි වූ
සමහර හිමිදිරි වැහිබරය
දවසම තෙත බරය
රාත්‍රී අඳුර
එතරම් හැඟුම් බරය...
"හෙටත් උදා වෙනවා නොවැ ඔය කියන අඳුරම?"
නැත...ආයෙත් නැත...
හෙට උදා වන්නේ වෙනස් අඳුරකි.
එවන් අඳුරින් හෙට සමුගන්නා හිමිදිරිය
වෙනස් හිමිදිරියකි
deshanianjaliherath
Comments
Post a Comment