කැතරින් ආන්ෂෝ!
කැතරින් ආන්ෂෝ!
ඇස් කෙවෙනි රිදවා
වැතිර වරුවක් බලාගෙන උන් අහස
පන ඇති වලාවක් වසාගත්තම
දොඩමළු වෙමින් උන් තරුවත්
අන්ද මන්දව සෙව්වාය
මහ පොළොවේ මාව?
පැහැදිලිය මට තරු අහස
නමුදු
වැලි තිතක් මම අහසට
මගේ අත්මය දන්නා තාරකාව
කොයි කොහොම හඳුනාවිද මා..
එක උසට වැඩුණු දම් පැහැ මල් පිපුණු
මුල් සවි එහෙත් කඳ මැරුණු
කැතී අපි හරි සමාන ගස්..
පත් හැලී මග හැලෙන ජීවිත
සත්‍යයක් ය උරුම මරණය..
රසදියක ගිල්වමුද අපි අපේ
නොමළ හදවත්
දකින්නට දවසක ලෝකයට
පසට මුහු වූ ගත මිසක
හදවතේ ප්‍රේමයක් ගැහෙන යුරු
උන් දකීවි ද කැතී?
ලේ නැති නහර මත ඉදිමුණු?
දැන් කවි ලිව්වා ඇති
පරමල් සිඹිමි දින සති
වස්සානය කෝ කොහිද
මට පෙනෙන්නට නැති
සුසානය ලස්සනද කැතී..?
Comments
Post a Comment