භෂ්ම අතරින් සිනහසෙයි..
මුර සෙබළාගෙන් බිණුමක් ඇසිමි
නිශ්චල ඔබ සත්‍යයක්..
මට සිතුනි
ඉහළම රාක්ක මුල්ලක
දුහුවිලි පිස ගත් නව කතාවක
දෙවන වර මට මුණගැසුණු විට ඔබ
අකුරු අත ගා බැලිමි
නොපෙනෙන ඔබ සත්‍යයක් ..
මට සිතුනි
සවන් දිය කරවන බහිරවී රාගයක්
අසන විට පාළු ඉල් මහ රාත්‍රියක
තෙවන වර සවනතින් හදවතට ගිය ඔබ
මගේම ස්පන්දනය මම ඇසිමි
දැනෙන ඔබ සත්‍යයක්..
පසක් කර ගතිමි
පින්සල් පැන්සල් මත
හෘදය ස්පන්දන වෙනස් කල
චෙලෝ තනුවක් මත
ගැඹුරුම කෝණයෙන් ගත්
සේයා රුවක් මත
මිනිස් හිසක් වත් නොමැති
තනි නාට්‍යාගාරයක
හිස් පුටුවක් මත
ඉදින් මේ අඳුරු
හැම රැයක් මත
එම රැයක අහසේ දිලෙන
කලකදී නුඹ මට ජීවිතය කියා දුන්
රතු තරුවක් මත
ආත්මය තැවරී ඇත්තේය..
දවා ලු ලිපියක
සොඳුරු භෂ්ම පහුරු ගසනා
පරඬලා ආත්මයක් සේ
දවා හළුකල සිතුවමක අවසාන ගිනි පුලිඟු දෙස බලා සිටිමි
පුදුමයෙකි..
උන් මට සිනහසෙයි...
භෂ්ම අතරින්
උන් මට සිනහසෙයි...
deshanianjaliherath
නිශ්චල ඔබ සත්‍යයක්..
මට සිතුනි
ඉහළම රාක්ක මුල්ලක
දුහුවිලි පිස ගත් නව කතාවක
දෙවන වර මට මුණගැසුණු විට ඔබ
අකුරු අත ගා බැලිමි
නොපෙනෙන ඔබ සත්‍යයක් ..
මට සිතුනි
සවන් දිය කරවන බහිරවී රාගයක්
අසන විට පාළු ඉල් මහ රාත්‍රියක
තෙවන වර සවනතින් හදවතට ගිය ඔබ
මගේම ස්පන්දනය මම ඇසිමි
දැනෙන ඔබ සත්‍යයක්..
පසක් කර ගතිමි
පින්සල් පැන්සල් මත
හෘදය ස්පන්දන වෙනස් කල
චෙලෝ තනුවක් මත
ගැඹුරුම කෝණයෙන් ගත්
සේයා රුවක් මත
මිනිස් හිසක් වත් නොමැති
තනි නාට්‍යාගාරයක
හිස් පුටුවක් මත
ඉදින් මේ අඳුරු
හැම රැයක් මත
එම රැයක අහසේ දිලෙන
කලකදී නුඹ මට ජීවිතය කියා දුන්
රතු තරුවක් මත
ආත්මය තැවරී ඇත්තේය..
දවා ලු ලිපියක
සොඳුරු භෂ්ම පහුරු ගසනා
පරඬලා ආත්මයක් සේ
දවා හළුකල සිතුවමක අවසාන ගිනි පුලිඟු දෙස බලා සිටිමි
පුදුමයෙකි..
උන් මට සිනහසෙයි...
භෂ්ම අතරින්
උන් මට සිනහසෙයි...
deshanianjaliherath
Comments
Post a Comment