කූරු ගැන අහවර විරුවාට
හෙට උදේ පාන්දරම සුදු ඇඳන්
කොණ්ඩය පැත්තට පීරගෙන
වට රවුම ළඟට යන්න
අපි කූරු ගැනලා එනකල්
නුවර මැද කොඩි ගහ හිටවන්න
ඇත්තටම ඇස් දෙකේ දෝසයක්
පොලොව යට මළ මිනී විනිවිදෙන..
මුළු රටම චෙස් අතක් වෙනකල්
නිදාගෙන හිටින උන් ඇහැරන්න
සිපිරිගෙයි බිත්තියක අපි කෙටූ
විමුක්තියේ වදන් වැල් තෙපලන්න
සෙල්ලමක් නෙවෙයි අපි මිනිස්සු
පොඩි වුන්ට කල් තියා පවසන්න
කඳුලක්ය හැඩය මේ ලංකාව
උන් හිතේ ඒ කඳුල වේලන්න
වටොර බැම්මෙන් මිදී පළමු තැන
පොත් රාක්කයේ ෆයිල් පෙරලන්න
සොහොන් බිම් කියා යම් දෙයක් නැත
මළ වුන් ව එක ගොඩේ වලලන්න
කනතු කණු නොවෙයි ඒ දිනුම් කණු
ණය නැතිව නිධන් වූ සොයුරන්ට..
deshanianjaliherath
Comments
Post a Comment