අංශු සොයනා ගැහැනියක්
දසත අතු විදාහල මහා වෘක්ෂයක
කඳ දිග සිසාරා අතු දිග සිසාරා
හිත් ඇස දවටනා ගැහැනියක්
මූර්තියක් කොට මා
නැමුම් කැපුම් ඉරි දෙස ඇස් පියන් නවතා
බලා හිඳ විඳිනා ගැහැනියක්
අසකලින් පියවර තබන තත්පරයක
නෙත් සඟල් මුහු වන ඇසිල්ලක
එකම තැටියක කරකැවෙන සංධ්වනියක
සංකෝචිත තනුවකින් උපන් ලේ කඳුලක
මෙ හැම සුසුම් බර හැඟුමක
හදවතේ චෙලොවක් වැයෙන ගැහැනියක්
එකී හැඟුමෙන්
නොකියවෙන දහස් දෑ ගිලගත්
ආත්මය පතුලටම අත දමා ඇද
සියුම් පින්සල් දෑස් තුඩගින්
ප්‍රේමයම සිතුවමට නැගි ගැහැනියක්
නිද්‍රාව පා කොට රැයේ අහසට
ඇගේ ආත්මයෙන් මගේ ආත්මය සනසවා ලූ
ප්‍රේමයම විඳිමින් අංශු සොයනා
ගැහැනියක්
හිත් ඇස දවටනා ගැහැනියක්
මූර්තියක් කොට මා
නැමුම් කැපුම් ඉරි දෙස ඇස් පියන් නවතා
බලා හිඳ විඳිනා ගැහැනියක්
අසකලින් පියවර තබන තත්පරයක
නෙත් සඟල් මුහු වන ඇසිල්ලක
එකම තැටියක කරකැවෙන සංධ්වනියක
සංකෝචිත තනුවකින් උපන් ලේ කඳුලක
මෙ හැම සුසුම් බර හැඟුමක
හදවතේ චෙලොවක් වැයෙන ගැහැනියක්
එකී හැඟුමෙන්
නොකියවෙන දහස් දෑ ගිලගත්
ආත්මය පතුලටම අත දමා ඇද
සියුම් පින්සල් දෑස් තුඩගින්
ප්‍රේමයම සිතුවමට නැගි ගැහැනියක්
නිද්‍රාව පා කොට රැයේ අහසට
ඇගේ ආත්මයෙන් මගේ ආත්මය සනසවා ලූ
ප්‍රේමයම විඳිමින් අංශු සොයනා
ගැහැනියක්
deshanianjaliherath
Comments
Post a Comment