"මම නිදි කරවන්නම් ,අඳුර..!


කවුරුන්  හෝ මාව එසෙව්වා 

මගේ ඉඟටියෙන් උස්සා 

මහා රෑ අඳුර අතරින් 

මගේම යහනේ සතපවූවා 

අතෙහි රැඳි සිව්වන වයින් වීදුරුවත් 

අතට අරගෙන 

පහන් කණු එළියෙන් මදක් පෙනුනා මට 

ඒ මුහුණ 

"කාලය" මම දැක්කා ඒ මුහුණ 

සයනෙන් වැටී  මා හඬන විට 

නිදි යහනෙන් මා සතපවූයේ  කාලයයි 

එතෙක් මා අසා සිටියේ 

අඳුරෙහි දුකාන්දරයයි..

කාලයට මම කිව්වා...

අඳුර නොනිදා මට නිදන්නට බැහැ..."

අඳුර තනිකර මට නිදන්නට බැහැ.."

කාලය මට කිව්වා.. ඇත්තටම කෑ  ගහලා කිව්වා..

"මම නිදි කරවන්නම් අඳුර..! ඔයා නිදියන්න.."

මම කිව්වා..

කාලය.. මම නොවෙයි 

උඹමයි හැදුවේ රැයක්! ලෝකයට නිදියන්න.... 

එත්.. රාත්‍රියට ඇස්  තියෙනවා...

උඹ ඒක  දන්නවද..?

ඒ ඇත්තට වහගන්න නේද උඹ 

කණාමදිරියෝ කියලා ජාතියක්  මැව්වේ..?

මත්  වෙච්ච ඇස් කෙඳිරි ගාමින් 

වේලිච්ච උගුර ගොළු කර 

හරි හෙමින් ඒ රැය ගෙවෙන්නට 

කාලය කටු හැරෙව්වා ටිකක් ආපස්සට 

අපි උදේට කතා කරමු 

දැන් නිදාගන්න...

මන් හිතන්නේ  ඊටපස්සේ කාලයත් නිදාගත්තා 

සදහටම


deshanianjaliherath



Comments

Popular Posts