ඔය සිගරට්ටුව නිවන්න


ෂ්.. 

ඇයි..

එයා නිදි..

කව්ද?

අඳුර

කූද්දමු..

එපා..,ඔය සිගරට්ටුව නිවන්න

අඳුරට අඳුරේ පාඩුවේ ඉන්න දෙන්න 

ඔය පාළු සීතල 

දරාගන්න දෙන්න 

එපා ඇතිරිලි පෙරවන්න 

දැක්කද ඒ ඇස් ..? පින්නට මත්  වෙච්ච 

එළි  වෙන්න තව පැයයි 

මැරෙන්න කලින් කූද්දමු...?

මොකටද....?

මූ  දැනටමත් මැරිලා ඉවරයි..



deshanianjaliherath

Comments

Popular Posts