කාලකන්ණියක අයැදුම
තව ගව් තුනක් එපිට
තිබෙන්නේ හිස් මිටියාවතකි
මිටියවතටම එකම ගසයි
ඒ හෙවන මටයි
මිටියාවත පුරා හමන
ඉතින් ඒ හිස් බවේ මරණීය පාළුව
නුඹට දරාගනු නොහැකියි
මගේ මල් රේණු තුඩග මී බින්දුව
මම නුඹට අදරෙයි
මෙතෙක් මා දරා ගත් දෑත ඉඹිමි.....
මම නුඹට ආදරෙයි
මෙතැනින් වමට හැරී ටික දුරක් යන්න
සුදු පාට හදවතක අභයභූමියක් ඇති
ගොසින් ඔය වෙහෙස නිවාගන්න
මෙවන් තුන් මංසලක් හමු නොවන්නට
පෙර දවසක මා පැතුවද
මා හා යා නොහැකිය කෙම්බිමකට.....
දිය උල්පත් සිඳී ඇත ආත්මයේ.., ඒ තරමට
ස්නේහයේ නාමයෙන් නුඹට උරුම ඒ අභය භූමියට
මගේ අත අතහැර පසු නොබලා යන්න......
ආදරය දන් දී අවසන අර ගස යට
තනිව සැතපෙන්නම් මම......... සමාදනව
deshanianjaliherath
Comments
Post a Comment