ඔහු සමඟ බොරැල්ලේ

 


හිත රිදෙන තනුවක් ගැන 

අසා  දැනගන්නට 

බැහැදකින්නට ගියෙමි මම බොරැල්ලට

කලෙකදී මිහිදන් වූ මිනිසෙක්ව 

සංගීතය කෙතරම් හද තවන විෂයක් ද 

මාස්ටර් මට 

ගොළු හදවතින්  කියල දෙනවද....?

කොහොමද හැදුවේ එහෙම තනුවක්....?

මොකක්ද තිබුණු 

ඒ තරම් වේදනාව.....?

මම ආවේමත් දැනගන්න ඒ ටික..

මම නොවෙයි මගේ හදවතයි 

පය ඉක්මන් කලේ මෙතැනට 

මාස්ටර්  

 පිරිනිවන් මංගල්‍ය කැන්ටාටාව 

ගයන්නද මම මෙතන ?


ගසක් වත් නොසෙල්වුණු දහවලේ 

පවන් රැල්ලක් මුව ගැටුණු රහස 

ඒත්  තාලෙට... ලස්සනම තනුවකට 

මාස්ටර් ..

මට දැනුනා ඒක..


deshanianjaliherath


 










 


Comments

Popular Posts