වැලි අහුර
අහම්බෙන් අතට ගත් මුහුදු වැලි අහුරක
ජිවිත හුඟක් තිබුනා
සිප්පි කෑල්ලක්
සුදු වැලි කැටයක්
ගල් මල් නටුවක්
පොඩි බෙලි කටුවක්
වෙරල පුරා එකිනෙකට වෙනස්
මෙවන් ජීවිත
රැල්ලට ලං කරන්නේ ටිකෙන් ටික, සුළඟ
හරියට කාලය වගෙයි....මරණයට අත වනන
සමහර කරුම ගෙවෙන්නේ
අත දරුවකු අතින්
රැල්ලට ටිකක් වත් ළඟ නැති
දුර ඈත තිබුණු වැලි අහුරකින්
වැලි උනත් මාලිගාවක් හැදිලා
වෙරළට බිලි වෙනකොට
එතකොට
සුන්දර වෙරල තීරය කියන්නේ
ජනපදයක් මැරුණු සොහොන් බිමකට
සියක් දහසක් ආත්මයන්
තම ශරීර හැර දමා ගිය
සොහොන් බිමකට....
අතට ගත් වැලි අහුරට
ගරු බුහුමනින් සමුදුනෙමි මම
deshanianjaliherath
Comments
Post a Comment