කවදාවත් ඇහුවේ නැති දේවල්







වෙරළක පැත්තකින් ඉඳගන 

මුහුදට වරු ගණන් දුක හැලුවට 

පුලුවන්ද මෙච්චරක් දරාගන්න 

මුහුදෙන් නිකන් වත් ඇහුවද?

වැව්  බැම්ම ළඟ සිමෙන්ති බංකුවේ 

වරුවකට කිලෝ ගානක්

 සුසුම් හැලුවට 

දැන් කව්ද ඉන්නේ බංකුවට?

ඊයේ රෑ  වැස්සට තෙමුනද 

නිකන් වත් ඇහුවද?

ඉඳල ඉඳල පුර වෙන 

හඳ බදාගෙන හැඬුවට

අමවකදී නිකන් වත් ඇහුවද

හැමදේම හොඳින් ද?

පෙරලලා පෙරලලා පරණ වෙන 

නිතර කියවෙන කවි පොත

එපා වෙනකොට කොට්ටයක් යට 

මහන්සිද ..?

නිකමට ඇහුවද...


 

deshanianjaliherath






 






 

Comments

Popular Posts