මල් මත

වැසි දියෙන් තෙත් වූ රාත්‍රියක 

මත් වූ මල් කැකුළු පොකුරු කර 

තෙත් වූ  නෙත් පුරා පිපෙනකොට

වත්තමක් දෙනු හැකිද හෙමිහිට 

නෙත් කියන්නේ මායාවක් 

රැයෙහි  අඳුරට පරාජය වුණ 

එහෙත් මල් මත් ඇසකට

කට්ට කළු අඳුරෙත් අකුරු කියවෙනකොට 

රෑ  කියන්නේ අමූලික  බොරුවක් 

මිරිඟු දිය සීරාවට 

තවත්  ලං වෙන්න හැදුවත් 

කොහොම නොබලන්නද 

කොහොම නවතන්නද 

දුරට පෙනෙන මිරිඟුවක්?

ඒ අකුරු මම දැක්කා 

එලි තිතක් වත් නැති රැයක 

මත්  මල් ඇසකින් 

තවත් පොකුරු කරමුද මේ මල් 

හිමිදිරිය නොඑන්නට 

ඉරක් නොනැගෙන්නට?


deshanianjaliherath



 


















 















Comments

Popular Posts