ඔලුව හොඳ නැති මිනිස්සු!

එක එල්ලේ බලාගෙන මහ පොලොව දෙස 

යමක් සිතනා අයෙක් දුටුවෙමි

නහවර  ඇඳුමින් කඩපිලක් ළඟ

මිනිසුන්ට සිනහසෙන...

 

දුමුරු කෙහෙ රැලි වනාගෙන

වැදගත් සාරියක් හැඳ

38 ක් එන තුරු බලා සිටියා ගැහැනියක්

තනිව දොඩවමින්

රෙදිමෝල හන්දිය ළඟ..

 

 නිල්  ඉරි සරමක් හැඳ

අන්ඩය මැසූ සුදු කමිස සීයෙක්

අහසකට කිව්  දුකක්

"පොඩි දුව අද තමයි ඉස්සෙල්ලම ඇවිද්දේ.."

ඇසී  නැසී පසු කරන් ගියා මම

 

නිල්  පාට වන්ඩියක

ජැන්ඩියට අඳගත් කොල්ලෙක්

පාර  අයිනක දොඩවමින් තනියම

පස්සෙන් පහුවයි මං  දැක්කේ

බ්ලු ටූත් බොත්තම

  

deshanianjaliherath


Comments

Post a Comment

Popular Posts