ලොව නිදනා බොහෝ අලුයම් රාත්‍රීන් වල
තිගැස්සී නිදි බිඳෙන හේතුවක් නොදනිමි.
එවන් රාත්‍රියක සයනය අසල
අමුත්තෙක් හිඳගන සිටිනු දුටිමි ..
දැක හුරු මුහුණකි.. හුරු පුරුදු සුවඳකි
සේකර!
මගේ කුටියේ සේකර?
මහත්මයා නුඹ?
යටසින් බලා මදෙස
වෙහෙස් බර මුහුණින් බැලු මුහුණ
දෝතින් බදන්නට සිතුනි
අසන්නට නෝවූමනාය
වෙහෙස් දිවියට හේතු කාරණ
මක්නිසාද යත් ව්‍යංගා ප්‍රබුද්ධ
උන් ගෙන් හැරියා නොවෙද
ජීවිතයේ සියල් දුක?
නිමා නොවන වෙහෙසක
බෙදා ගනිමුද අපි අමා සුවය
මම ම ලියු පොතකින්
කවක් ගෙන ටිකක් හඬමු ද..?.
ඉතින් එවන් දිගු රාත්‍රීන් දහසක්
අපි හැඬුවා අපේ කවි බෙදාගෙන...
deshanianjaliherath
🖤
ReplyDelete